පොලීසියට ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් හා අධුනික පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වීමට නොහැකිවූ අයට ඉදිරියේදී තවත් දිනයක් ලබාදෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
පොලීසියට පිරිමි ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් හා ආධුනික පිරිමි කොස්තාපල් තනතුර සඳහා බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය මැයි මස 20 වනදා නිකුත් කෙරුණා.
ඒ අනුව අයැදුම්කරුවන්ට ප්‍රථම සම්මුඛ පරීක්ෂණය පසුගිය 4 වනදා සිට ආරම්භ කෙරුණා.
එහෙත් පසුගිය දිනවල තැපැල් වර්ජනය ඇතුළු හේතූන් මුල්කර ගනිමින් අයැදුම්කරුවන්ට ලිපි ලැබී නොමැති නම් ඔවුන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබාදීමට නියමිතයි.
එවැනි අය ලිඛිතව මේ බව අධ්යක්ෂ පොලිස් අධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය අංක 375, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, කොළඹ 6 ලිපිනයට දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ.
