Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

1 year ago

චාවකච්චේරියේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කළ තමිලිනි සදීසන් මහත්මියගේ මරණය සම්බන්ධයෙන් ඇගේ සැමියා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් (19) අත්අඩංගුවට ගෙන තිබේ.

මිය යන විට මාස හයක ගැබිනියක්ව සිටි සදීසන් මහත්මියගේ මරණය සැක සහිත බවට ඇගේ පවුලේ ඥාතීන් කෝපායි පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පැවරිණි.

සැමියා පොලීසියට ලබා දී ඇති ප්‍රකාශයකට අනුව, 2025 පෙබරවාරි 15 වැනි දින ඇය තම සැමියා සමඟ නිවසේ නිදා සිටියදී, දැල්වෙමින් තිබූ මදුරු දඟරයකින් සිරුරට ගිනිගෙන මරණයට පත්ව ඇත.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම සැක මතුවීම හේතුවෙන්, පවුලේ ඥාතීන්ගේ පැමිණිල්ල මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකළ විමර්ශනවලින් පසු ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැමියා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ රාත්‍රියේ කොළඹට රැගෙන එනු ලැබීය.

(source – lankacnews)