මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන් වී තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (20) සවස 5ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.
ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින් ඇවිද පැමිණ ඇති අතර, දියසෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා ගොස් ඇත.
එවිට පෙම්වතා බේරා ගැනීම සඳහා පෙම්වතිය අත දී ඇති අතර ඔවුන් දෙදෙනාම වතුරේ ගසාගෙන ගොස් තිබෙනවා.
පසුව එම ස්ථානයෙන් ගමන් ගත් කාන්තාවක් සහ ඇගේ සැමියා වූ මහියංණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් වතුරට පැන පෙම්වතා බේරාගෙන තිබෙනවා.
ඔවුන් පෙම්වතා පමණක් දැක ඇති අතර පෙම්වතිය දැක නොමැති බවයි සඳහන් වෙන්නේ.
මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ රජරට විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් වූ අවුරුදු 26ක් වූ තරුණියක්.
ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇයව විශ්වවිද්‍යාලයෙන් රැගෙන නිවසට ඇරලීමට යන අතරමග ඔවුන් මෙම අනතුරට ලක්ව තිබේ.
