Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වියානා ඇළේ ගිලී අතුරුදන් වූ පෙම්වතියගේ සිරුර හමුවෙයි

1 year ago

මහියංගනය පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේදී වියානා ඇළෙහි ඇල කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරා ගැනීමේදි දියේ ගිලී අතුරුදන් වූ පෙම්වතියගේ සිරුර හමුව තිබේ.

මෙලෙස මියගෙස් ඇත්තේ රජරට විශ්වවිද්‍යාලයේ 26 හැවිරිදි සිසුවියක් වන අතර හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිියකි.

ඊයේ (20) සවස මෙම අනතුර සිදුව ඇති අතර ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපළ ඇළ කණ්ඩිය මතින් ඇවිද සිටියදී සිය සෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා දියට වැටී තිබේ.

එම අවස්ථාවේදී පෙම්වතිය ඔහුව බේරා ගැනීමට අත දී ඇති අතර පසුව දෙදෙනාම ඇළට වැටී ඇත.

පසුව එම ස්ථානයෙන් ගිය මහියංගණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර තරුණිය සොයා ගැනීමට ඔවුන්ට හැකිවී නොමැත.

කෙසේ නමුත් ඇය සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර ඇගේ සිරුර අද (20) උදෑසන සොයාගෙන තිබේ.