කැලෑ බද ඉඩමක තිබී අත්බොම්බයක් පාසල් සිසුවෙකු විසින් අහුලාගෙන තිබියදී එය අම්බලන්ගොඩ පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
මාදම්පාගම, දේවගොඩ සිරි රතන මාවතේ නිවසක පාසල් දරුවෙක් නිවසට යාබද කැලෑ බද ඉඩමකට කිතුල් අතු කපා ගැනිමට ගිය අවස්ථාවේ කුණුගොඩක තිබු බෝලයක් වැනි යමක් අහුලාගෙන තිබෙනවා.
අද දහවල් එය දැක ඇති දරුවාගේ ඥාතියකු අත්බොම්බයක් බවට හදුනාගෙන අම්බලන්ගොඩ පොලිසිය දැනුවත්කර ඇත්තේ ඒ අනුවයි.
වහා ක්රියාත්මක වු අම්බලන්ගොඩ පොලිස් නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් කැදවා අත්බෝම්බය අක්රිය කිරීමට කටයුතු කර තිබෙනවා.
බෝම්බය අහුලාගත් දරුවාගෙන් හා නිවැසියන්ගෙන් වැඩිදුර ප්රශ්නකර ඉදිරි විමර්ශන කිරිම සදහා අක්රිය කරන ලද අත්බොම්බය පොලිස් භාරයට ගෙන ඇති අතර, පාසල් දරුවාට මෙහි තිබූ අවදානම පිළිබඳව අවවාද කර තිබෙනවා.
බෝලයක් යැයි සිතා අහුලාගත් අත්බොම්බය ගැලවිමට උත්සාකර ඇතත් එය ක්රියාත්මක නොවිම දරුවාගේ වාසනාවක් බව පොලිසිය පැවසුවා.
