බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ අද (23) පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්ව තිබේ.
අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් කිහිපදෙනෙකු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇත.
බස් රථයේ 25 දෙනෙකු ගමන් කර ඇති අතර, බස් රථයේ දුනු කැඩී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට ළමුන් 13 දෙනෙකු බෙලිඅත්ත, බෙලිගල්ල, තංගල්ල හා වීරකැටිය යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.
