නාරාහේන්පිට පොලිස් වසමේ 397 වත්ත ප්‍රදේශයේදී නිවසක් තුළ හටගත් ගින්නකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගින්නට හසුව පිළිස්සුම් තුවාල ලබා සිටියදී පොලීසිය විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබුණා.
අද (23) අලුයම් කාලයේ මෙම ගින්න හටගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
මරණකරු වයස අවුරුදු 50ක් පමණ වූ කුලී පදනම මත සිටි අයෙක් .
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවන අතර සිදුවීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.
