Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නවගමුව පත්තිනි දේවාලය දින දෙකකට වැසේ

1 year ago

නවගමුව පත්තිනි දේවාලය අද සහ හෙට වසා තැබෙන බව දායක සභාවේ ලේකම් තිලක් චමින්ද පවසනවා.

දේවාලය අසල නිවසක අවමංගල්‍යක් සිදුව ඇති බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.

දේවාලයේ කටයුතු 25වන සිකුරාදා ආරම්භවෙනු ඇති.

මේ දිනවල දේවාලයේ ඇසල පිංකම් මාලාව ඇරඹී ඇතත් අවමංගල කටයුත්ත නිමාවන තුරු කිළිවලින් ආරක්ෂා වීමේ පිළිවෙත් සුරැකීමට අවශ්‍ය නිසා දේවාලය වසා දැමීමට ක්‍රියා කළ බව, නවගමුව සුගතබිම්බාරාමය සහ හේවාගම අභිනවාරාමය යන උභය විහාරාධිපති ,ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක මල්වානේ පඤ්ඤාසාර හිමියන් පවසා සිටියේ.