Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුගේගොඩ පාලම උඩ මාරක අනතුරක්! තරුණයෙක්ට දිවි අහිමි වෙයි!

1 year ago

හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම මත අද(23) අලුයම සිදුවූ රිය අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වී තිබේ.

ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසුපස අසුනේ ගමන් ගත් මගියෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී පිටුපස ආසනයේ ගමන් ගත් තරුණයා මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 21ක් හැවිරිදි මීගමවත්ත, වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මිරිහාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර‍යි.