අද (23) අලුයම අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර පසුව ඔහුද ගෙල කපාගෙන මියගොස් තිබේ.
යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති අදාළ තරුණයා විසින් තරුණියගේ මවට සහ පියාට ද කැපුම් තුවාල සිදුකර ඇති අතර ඔවුන්ව ප්‍රතිකාර සඳහා මහඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි තරුණියක් වන අතර, ඝාතනය සිදුකළ තරුණයා 31 මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පදියතලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
