Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝහිත අබේගුණවර්ධනගේ දියණියට අනතුරු ඇඟවීමක්! දේපළ තහනම් කිරීමේ සූදානමක්!

1 year ago

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඉදිරි දින කිහිපය ඇතුළත පොලිසියට භාර නොවුනහොත්, ඇයට හිමි දේපල තහනම් කිරීමේ නියෝගයක් ලබා ගන්නා බව පොලිසිය සඳහන් කරනවා.

එසේම ඇය සහ ඇයගේ ස්වාමිපුරුෂයා රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති ස්ථාන කිහිපයක් පරීක්ෂා කළ බවත්, එම කිසිදු ස්ථානයකදී ඔවුන්ව සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා..

නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කරන ලද වාහනයක් අලෙවි කිරීමේ චෝදනාවකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑනාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා විදෙස් ගමන් තහනමක් පනවන ලදි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණවලට අදාළව, ඔවුන් දෙදෙනාට මෙලෙස විදෙස් ගමන් තහනමක් පැනවීය.

අදාළ නීතී විරෝධීව ජීප් රථය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා පසුගිය දා අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

එම නීතී විරෝධී ජීප් රථය පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් මිල දී ගෙන තිබුණේ පසුගිය 2024 වසරේ දීයි.