නීති විරෝධීව සේවයෙන් පහ කිරීමට එරෙහිව දිවයිනේ ප්‍රසිද්ධ වෙළෙඳ සමාගමක ප්‍රාදේශීය කළමනාකරුවකු විසින් අදාළ සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමින් අනුරාධපුර කම්කරු විනිශ්චයාධිකරණය වින්දිතයාට හිඟ වැටුප් සමග රුපියල් ලක්ෂ 81 ක වන්දියක් ගෙවන ලෙසටත් සියලු වරප්‍රසාද සමග නැවත සේවයේ පිහිටුවන ලෙසටත් නියෝග කර තිබේ.
වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ අයකු විසින් අනුරාධපුර කම්කරු විනිශ්චයාධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබිණි.
ආයතනයේ සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් 2020 වසරේ පෙබරවාරි මාසයේදී අදාළ වෙළෙඳ සමාගම මගින් අභ්‍යන්තර විගණන පරීක්ෂණයකින් අනතුරුව වරදකරු කරමින් පැමිණිලිකාර ප්‍රාදේශීය කළමනාකාරවරයා සේවයෙන් පහකර තිබිණි.
ඊට එරෙහිව එම ප්‍රාදේශීය කළමනාකරු විසින් අනුරාධපුර කම්කරු විනිශ්චයාධිකරණයේ නඩුව ගොනුකර තිබිණි.
