දැදිගම පොලිස් වසමේ, බෙලිගල, කුඹල්ගම, මීමුරේ ප්‍රදේශයේ අවමංගල නිවසකට ගොස් ආපසු එමින් සිටි දෙදෙනකු ඔවුන්ගේ නිවෙස් අසලදී ඇතිවු පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් එක් අයෙක් අනෙකාට පිහියෙන් ඇන තිබෙනවා.
පසුව අදාල පිහි ඇනුම සිදුකළ පුද්ගලයා විසින්ම තුවාලකරුව බෙලිගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
රෝහලට ඇතුළත් කරන විටත් තුවාලකරු මියගොස් සිට ඇති බව දැදිගම පොලීසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ බෙලිගල, කුඹල්ගම, මීමුරේ ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙකි.
සැකකරුද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
