අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් කලාකරුවකු වන විනෝද් තරංග යන අය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකාර කලාකරුවා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්තු 5වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝගකර ඇත.
මතුගම ප්‍රසිද්ධ ජාතික පාසලක විදුහල්පතිනියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාළව එම විමර්ශනය සිදු නොකරන බව දන්වා ලිපියක් ලබාදීමට සහ එම විමර්ශනයට අදාළ ගොනුව ඇය වෙත ලබාදෙන බව පවසා රුපියල් 30,000ක මුදල ඉල්ලා තිබෙනවා.
මීට අමතරව ගුවන් හමුදා නිලධාරියා සම්බන්ධව ද අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ පවතින විමර්ශනයට අදාළව ඔහුව අත්අඩංගුවට නොගෙන සිටීමට සහ ඒ සම්බන්ධයෙන් ලිපියක් ලබාදෙන බව පවසා සැකකරු ඔහුගෙන් ද රුපියල් 30,000ක මුදලක් ඉල්ලා තිබෙනවා.
එම මුදල් බැංකු ගිණුමකට තැන්පත් කරන ලෙස සැකකරු විසින් අදාල විදුහල්පතිවරයාට සහ හමුදා නිලධාරියාට පවසා ඇති බවද සඳහන්.
ඒ පිළිබඳව අල්ලස් කොමිසමට අදාල විදුහල්පතිනිය හමුදා නිලධාරියා සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකාර කළාකරුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
