2025.07.10 වන දින ගෙල සිර කර හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර හෝමාගම පොලිස් වසමේ බයිපාස් මාර්ගයේ දමාගොස් තිබූ අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (25) රාත්රී කාලයේ මාදම්පිටිය හා ග්රෑන්ඩ්පාස් යන පොලිස් වසම්වලදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් අනතුරුව හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් අවුරුදු 18 හා 24 වයස්වල පසුවන කොළඹ 14 හා 15 යන ප්රදේශවල පදිංචිකරුවන්.
මෙම සිදුවීමේ මරණකරු, ඝාතනය වීමෙන් පසු ඔහු පැමිණි මෝටර් රථය කෑගල්ල මාවනැල්ල මාර්ගයේ තිබී හමුවී තිබෙනවා.
ඉන්පසු දීර්ඝ විමර්ශනයක් සිදුකර එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
