Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමිකව පමණක් ජාතික පාසල් වූ පාසල් 809ක්! කෝපා කමිටුවේදී සියල්ල හෙළිවෙයි!

1 year ago

පසුගිය කාලයේදී පාසල් 809ක් නාම මාත්‍රිකව ජාතික පාසල් ලෙස නම් කර, ඒ සඳහා නාම පුවරු සැකසීමට රුපියල් මිලියන 2.42කට අධික මුදලක් නිකරුණේ නාස්ති වී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වූයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් පසුගියදා 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) හමුවේදී ය.

මෙරට අනුමත වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති බව ද මෙහිදී හෙළි වී ඇති අතර, හැකි ඉක්මනින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ ජාතික පාසල් ප්‍රමාණය 1,000 දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72 සම්බන්ධයෙන් ද කෝපා කමිටුව වාර්තාවක් ඉල්ලා තිබෙන බව එම නිවේදනයේ සඳහන්ය.