Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරයි

1 year ago

2025 ජගත් පරිසර දිනය නිමිත්තෙන් “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” වැඩසටහන යටතේ කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත කිරීමේ වැඩසටහන අද (26) පාලවිය, කරඹ දී පැවැත්විණි. 

ජගත් පරිසර දිනයට සමාගාමීව සිදු කරන ලද පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලියේ ඉදිරි පියවරක් ලෙස වනස්පති ජාතික වැඩසටහන පසුගිය 15 වැනිදා ආරම්භ වූ අතර එම වනස්පති වැඩසටහන යටතේ අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කයන් කේන්ද්‍ර කර ගනිමින් රක්ෂිත 16ක් නම් කෙරිණි.

ඒ අනුව ලංකාවේ පවතින වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ ජාතික වැඩසටහනේ තවත් පියවරක් ලෙස කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර රැක ගැනීම සඳහා නව රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූලව “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” නමින් නව වැඩසටන අද දින (26)  සිට ආරම්භ විය. 

මේ වැඩසටහන ඔස්සේ ලංකාවේ විවිධ කඩොලාන පවතින ප්‍රදේශ තෝරාගනිමින් කඩොලාන වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කරනු ලබයි. 

ප්‍රථම අදියර යටතේ පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හලාවත අඩෙවි වන කාර්යාලයට අයත් මරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල C, මැරවල B, මැරවල A, මැරවල, කුසල සහ කරුකපනේ B යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර 67කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කෙරිණි