කතරගම වැඩසිටිකන්ද පුදබිමේ පිහිටි පොලිස් මුරපොලේ නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහානිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, විහාරාධිපති හීන්ගල ඥානානන්ද හිමියෝ ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.
ඒ එම පොලිස් මුරපොළ යළි ස්ථාපනය කරන ලෙස ඉල්ලමිනි.
‘ඉහළින් ආ නියෝගයක්’ යැයි පවසමින් මෙම පොලිස් මුරපොළ ඉවත් කිරීම පිළිබද දැනුම් දී ඇත්තේ පසුගිය 25 වැනිදා ය.
එම ලිපිය පහතින් දැක්වේ.

