Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට

1 year ago

මරදාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සබඳතා පවත්වමින්, ඔහුගේ ජාවාරමට ආධාර අනුබල දුන් මරදාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 31 වනදා දක්වා රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන ඇති බවයි.

කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් පසුගිය දා මරදාන, පංචිකාවත්ත පාරේදී වැටලීමක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනාගේ ජංගම දුරකථන සහ හඬපට දත්ත හමුවී තිබෙනවා.

අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලින් පසු මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින්නෙකු බවටද පොලීසිය තහවුරු කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාගේ සේවය අත්හිටුවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.