මෙරට ජනගහනයෙන් ආසන්න වශයෙන් 10,000 ක් ආවරණය වන පරිදි එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත අතර, මුල් අදියර යටතේ ඉදිරි වසර 03 තුළ දිවයින පුරා මධ්‍යස්ථාන 2000 ක් ස්ථාපිත කිරිමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ආමාත්‍යංශය පවසයි.
එම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් මෙම වසරේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 100 ක් පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, 08 දෙනෙකුගේ යුත් කාර්ය මණ්ඩලයක් සහිත ව මෙම මධ්‍යස්ථාන ඉදිරියේ දී සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.
මෙරට ජනතාවට වර්තමානයේ දී සපයනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියේ දී ලබාදීම ප්රමුඛ අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන (Primary Care Community Centre) ව්‍යාපෘතිය පිළිබඳව මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (Public Health Nursing Officers – PHNO) දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (26) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, එහි දී මෙම කරුණු අනාවරණය විය.
මෙම දැනුවත් කිරීමේ වැඩමුළුවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ආමාත්‍යවරයා කියා සිටියේ මෙම වැඩසටහන වර්තමානයේ මෙරට සෞඛ්‍ය සේවාව ඔසවා තැබීමට අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක් බවයි.
අදාළ සම්පූර්ණ නිවේදනය,

