සිය ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ සභාපති කේ.ඒ.යූ. කොන්තසිංහ පවසනවා..
ඔහු සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත 2025 ජූලි 22 දින යොමුකළ ලිපිය සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් එළැඹෙන ජූලි මස 30 වන දා සහ 31 වන දා යන දෙදින මෙම වැඩවර්ජනය සිදුකරන බවය.
සිය ගැටලු සඳහා සතුටුදායක පිළිතුරක් ලැබුණොත් පමණක් වැඩවර්ජනය අත්හිටුවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා සියලුම දුම්රිය ධාවනයෙන් නවතිනු ඇති බවද ඔහු එහිදී සඳහන් කරා.
