නියමිත ලෙස ඇසුරුම් කරන ලද පොල් තෙල් පමණක් අලෙවිය සඳහා ඉදිරියේදී අවසර ලබාදිමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ වෙළෙඳපොළේ පවතින ඇසුරුම් නොකරන ලද පොල්තෙල් සඳහා වෙනත් ද්‍රව්‍ය කලවම් කර අලෙවිකරන බවට තම අධිකාරියට ලද පැමිණිලිවලට අදාළව සිදුකළ සාම්පල පරීක්ෂා ඔස්සේ කළ තහවුරු කිරීම්වලට අනුවයි.
වෙළෙඳපොළේ පවතින ඇසුරුම් නොකරන ලද පොල්තෙල් අලෙවි කිරීමේදී වෙනත් ද්‍රව්‍යයන් කලවම් කර අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරකට අනුව දිවයින පුරා තෝරාගත් වෙළෙඳසැල් සහ නිෂ්පාදනායතන 75ක් පමණ පසුගියදා පරීක්ෂාවට ලක්කර තිබුණා.
