හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස්ගතව සිටින පාතාලයේ අපරාධකරුවෙක්වන කෙහෙල්බද්දර පද්මේ නමින් කළ තර්ජනය කිරීමක් සම්බන්දයෙන් කළ විමර්ශනයකින් හෙළිවූ තොරතුරු අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ.
හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශයේ වැඩ බලන ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, සහ දේශබන්දු තෙන්නකෝන්ගේ පුතාට තර්ජනාත්මක ඇමතුම් කෙහෙල් බද්දර පද්මේ නමින් දුරකථන ඇමතුම් ලබාදීම මෙහෙයවා ඇත්තේ ප්‍රියන්ත ජයකොඩි බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසනවා.
තමාටද ඔහු තර්ජනාත්මක ඇමතුමක් එහිදී ලබාගෙන තිබෙනවා.
ප්‍රියන්ත ජයකොඩිගේ සැලසුමට අනුව ඩුබායි දුරකථන ඇමතුමක් ලෙස එම තර්ජනාත්මක ඇමතුම් ලබා දුන් පානදුර පදිංචි පුද්ගලයෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් මේවන විට රාගම ශික්ෂණ රෝහලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ සිටින බවය.
