දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඒ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවලින් පසුවයි.
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා.
රියදුරු ශ්‍රේණියේ පරිපාලන ගැටලු සහ යටිතල පහසුකම්වල පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබානොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය සූදානම්කර තිබුණා.
