පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ නාරහෙන්පිට පිහිටි ප්‍රධාන ගරාජයේ තිබු යතුරු පැදි බැටරි 12 ක් සහ ආරක්ෂක හිස් වැසුම් තුනක් කිසියම් අයෙකු විසින් සොරාගෙන ගොස් ඇති බව නාරහෙන්හෙපිට පොලිසිය සඳහන් කරනවා.
ඉකුත් 25 සහ 28 යන දිනයන්හී මෙම සොරකම සිදුව ඇති බවට නාරහෙන්පිට පොලිසියට පැමිණිලි ලැබී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
කිසිවකු විසින් ආරක්ෂිත තාප්පය මතින් පැමිණ එම සොරකම සිදු කර ඇති බව පොලීසිය පවසනවා.
මෙම සොරකම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නාරාහෙන්පිට පොලිසිය විසින් සිදු කරනවා.
