Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ ලොකුම නීති විරෝධී දුම්වැටි තොගය අල්ලයි

1 year ago

රුපියල් කෝටි පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ හරහා ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට යැවීම සදහා ගුවන් භාණ්ඩ ගම්මානය ( Cargo Village ) වෙත ගෙනැවිත් තිබියදී , ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් ගේ බාරයට ගෙන තිබෙනවා.

මෙම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ මෙන්ම ගුවන් භාණ්ඩ ගම්මානයේ දී  සොයාගත් විශාලතම සහ පළමු දුම්වැටි තොගය වීම විශේෂත්වයක්.

මෙම දුම්වැටි තොගය ඩුබායි සිට එංගලන්තයේ ලන්ඩන් සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් වෙත යැවීම සදහා ” තුවා ”  සහ ” ප්ලාස්ටික් කෝප්ප ” ලෙස රේගුවට ප්‍රකාශ කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.