ලිදුල පොලිස් වසමට අයත් මෙරායා ඌවකැලේ වත්තේ ඉහළ කොටස ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.
අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු සහ පිටුපස අසුනේ ගමන්ගත් තරුණයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇත.
ඒ අතරින් එක් තුවාලකරුවෙකුගේ සුශුම්නාවට හානි සිදු වීම නිසා එම තුවාලකරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ලිදුල පොලීසිය පවසනවා.
අධික ලෙස බීමත්ව සිටි රියදුරා ඇතුලු ඔහුගේ මිතුරන් තිදෙනා එම වතුයායේ සිට ලිදුල මෙරායා නගරය දක්වා ත්‍රීරෝද රථය අධික වේගයෙන් ධාවනය කරවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බව අනාවරණය වී තිබේ.
අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.
