Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් ගැන පැමිණිලි කරන්න වට්ස්ඇප් අංකයක් හදුන්වා දෙයි

1 year ago

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් රථ සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට වස්ඇප් අංකයක් හදුන්වා දී තිබේ.

එම අංකය හදුන්වාදීම විසින් අද(30) කොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් අංගනයේ දී සිදුකෙරුණා.

ඒ අනුව මගීන්ට සිය පැමිණිලි බස් රථයේ සිට වීඩියෝ මාර්ගයෙන් ලබාදීමට හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු බී ඒ චන්ද්‍රපාල මහතා පවසනවා.

සභාපතිවරයා සඳහන් කළේ මෙම අංකය 0712595555 ඔස්සේ පැමිණිලි ඉදිරිපත්කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

මගීන්ට මෙන්ම රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ද සිය ගැටලු ද මෙමගින් ඉදිරිපත් කළ හැක.