Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රිය දෙපාර්තුමෙන්තුව ක්ලීන් කරන්න පෙරට එන්න! නිදහස් සේවක පෙරමුණ ජනපතිගෙන් ඉල්ලයි!

1 year ago

ශ්‍රී ලංකා  නිදහස් දුම්රිය සේවක පෙරමුණ විසින් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය මඟින් ඔවුන් දුම්රිය දෙපාර්තුමේන්තුවේ පසුගිය කාලය පුරා පැවති අනීතික වංචනික ක්‍රියාකාරකම් වට වැට බදිමින් දුම්රිය දෙපාර්තුමේන්තුවේ සාමාන්‍යාධිකාරී තනතුර ධම්මික ජයසුන්දර මහතාට ලබා දීම පිළිබඳව සිය ස්තූතිය පිරි නමා තිබේ.

ඒ මහතා දුම්රිය දෙපාර්තුමේන්තුව දියුණුවේ මාවත කරා ගෙන යාම සඳහා මහත් පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරන බව ඔවුන් සිය ලිපිය මඟින් අවධාරණය කර තිබේ.

නමුත් ඇතැම් වෘත්තීය සමිති මෙන්ම වත්මන් රජයේ ප්‍රබල නියෝජ්‍ය අමාත්‍යවරයෙකුද ධම්මික ජයසුන්දර මහතාව දුම්රිය දෙපාර්තුමේන්තුවේ සාමාන්‍යාධිකාරී තනතුරින් ඉවත් කර දූෂිත නිළධාරියෙකු එම තනතුර සඳහා පත් කිරීමට උත්සහ දරමින් සිටින බවට ඔවුන් චෝදනා කරනවා.

ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

ඔවුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය පහතින්.

අතිගරු ජනාධිපතිතුමා,
අනුර කුමාර දිසානායක මහතා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා  තනතුරින් ඉවත් කිරීමට ගෙන යන උත්සහාය පිළිබද දැනුවත් කිරීම

රටේ බහුතර ජන මතයකින් බලයට පත් ඔබතුමන් ප්‍රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුව මේ වනවිට ජනතාව තුළ කිසිදා නොවූ ගෞරවයක් මෙන්ම ප්‍රසංශාවක් හිමිකර ගෙන ඇති බව ලක්වාසියෙකු වශයෙන් මා දන්නා කරුණකි. සොරකමට, වංචාවට දූෂණයට නාස්තියට  විරුද්ධ මතයක් දරමින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන සංකල්පයෙන් පාලනය ගෙන යන ඔබතුමන් ප්‍රමුඛ රජය ගැන අප සංගමයට ඇත්තේද ඉමහත් ගෞරවයකි.

නමුත් රජයේ මතය එසේ වුවත් ඇතැම් රාජ්‍ය ආයතනවල දූෂණ වංචා වැනි ක්‍රියාකාරකම් තවමත් සිදුවෙමින් පවතින්නේ නිතියේ රාමුවට හා රාජ්‍යයේ නාමයටද කළු පැල්ලමක් එක් කරමිනි. ඉන් එක් ආයතනයක් ලෙස අප වෘත්තිය සමිතිය ද  නියෝජනය කරන දුම්රිය දෙපාර්තුමේන්තුවද එකහෙලා ප්‍රකාශ කළ හැකිය.   

දුම්රිය දෙපාර්තුමේන්තුවේ පසුගිය කාලය පුරා පැවති අනීතික වංචනික ක්‍රියාකාරකම් වට වැට බදිමින් දුම්රිය දෙපාර්තුමේන්තුවේ මුල් පුටුවට එනම් සාමාන්‍යාධිකාරී ධූරය සදහා ධම්මික ජයසුන්ද වැනි නිලධාරියෙකු  පත්කිරීමට ඔබතුමන් ප්‍රමුඛ රජය ගත් තීරණය නිවැරදිය.  දක්ෂ ඉංජිනේරුවරයෙකු වූ ධම්මික ජයසුන්දර මහතා මීට පෙර එම තනතුරේ කටයුතු කළ වකවාණුවේදී එවක ඇමතිවරුන් මෙන්ම ඇමතිවරුන්ගේ ගෝලබාලයන් වූ ඇතැම් නිලධාරීන්ද කටයුතු කළේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ දේපළ උපතින්ම උරුම වූ පුද්ගලික දේපළ යැයි සිතමින්ය. නමුත් ඒ දේශපාලනාධිකාරිය හා සටන්කිරීමට එතුමන්ට එම කාලයේ අසීරු වූවා පමණක් නොව එතුමන්ට එම තනතුරද අහිමි කිරීමට  එකල පියවර ගෙන තිබුණේය.

තමා ඉවත් කිරීම අසාධාරණ බව අධිකරණය මගින්ම තහවුරු කරගත් ධම්මික ජයසුන්දර මහතාව යළිත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරයට පත්කිරීමට නව රජය පියවර ගත්තත් එකල සිටම දුම්රිය දෙපාර්තුමේන්තුවේ අරක් ගෙන සිටි දූෂිත වංචනික අවතාර තවමත් ඉහළ පුටුවල සිටිමින් එකී උත්සහායන් විවිධ ආකාරයෙන් සිදුකරගෙන යති. 

අල්ලස දූෂණය නාස්තිය වංචාව තුරන් කිරිමේ අපේක්ෂාවෙන් 2025 අප්‍රේල්  09 වැනිදා දිරිපත් කළ 2025 – 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මට අනුව සෑම දෙනාගේම කැපවීම හා අවංකභාවයට අනුව වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී  ධම්මික ජයසුන්දර මහතා කටයුතු කරමින් අපමණ වෙහෙසක් දරමින් දුම්රිය දෙපාර්තුමේන්තුව දියුණුවේ මාවත කරා ගෙන යාමේ උත්සහායක නිරතව සිටියි.

එතුමන් එසේ කටයුතු කළද  ඔබතුමන් ප්‍රමුඛ රජය නියෝජනය කරන ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන, පාලක පක්ෂයේ ප්‍රධාන වෘත්තිය සමිතිය වන දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැදවුම්කරු එස්.පී විතානගේ  ඇතුළු කණ්ඩායමක් ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කරවීමට හා දෙපාර්තුමේන්තුවේ සිටින අන්ත දූෂිතම නිලධාරියෙකු වන අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස කටයුතු කරන චන්ද්‍රසේන බණ්ඩාර නැමති නිලධාරියාව එම තනතුරට ගෙන ඒමටත් උත්සහා දරමින් සිටිති.

එම උත්සහායට දුම්රිය වෘත්තිය සමිති ගණනාවක් දැඩි විරෝධයක් මෙන්ම අප්‍රසාදයක්ද පලකරමින් සිටින බවත් ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා විසින් දුම්රිය දෙපාර්තුමේන්තුව ගැන වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කරමින් ඔබතුමන්, ප්‍රවාහන මහාමාර්ග හා වරාය ඇමති බිමල් රත්නායක මහතා ප්‍රමුඛ රජයද නොමග යැවීමේ උත්සහායක නිරත වී සිටින බවත්   දුම්රිය සේවකයින් වෙනුවෙන් හා නිදහස් දුම්රිය සේවක සංගමය වෙනුවෙන් දැනුම් දී සිටිමු.

ලද තොරතුරු වලට අනුව ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයා හා චන්ද්‍රසේන බණ්ඩාර නම් නිලධාරියා රජයද නොමග යවමින් මේ දරණ උත්සහාය රජයේ දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මද කුණු කූඩයට විසි කරමින් කරන ක්‍රියාවක් බව පෙනී යයි.

විශේෂයෙන් මොවුන් විසින් කඩාකප්පල්කාරී අන්දමින් සිදුකරන මේ අනීතික ක්‍රියාව ගැන විශේෂ අවධානයක් යොමුකරන ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින බවත්  ඒ ආකාරයෙන් ගෙන ඒමට සැරසෙන නිලධාරියා විසින් පසුගිය කාලය පුරාම සිදුකර ඇති වංචනික දූෂිත ක්‍රියාවන් ගැන විශ්වාසදායී ආයතනයක් මගින් වාර්තා කැදවා පරිශීලනය කරන ලෙසට ඉල්ලා සිටින බවත් සදහන් කිරීමට කැමැත්තෙමි.  

එසේම ඔබතුමන් ප්‍රමුඛ රජය බලයට පත්විමට පෙර දුම්රිය දෙපාර්තුමේන්තුව තිබූ තත්වය ගැන සහ වත්මන් සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පත්වීමෙන් පසු ඇතිකළ දියුණු තත්වය ගැනද විශේෂ අවධානයක් යොමුකරන ලෙසත් දුම්රිය සංචාරක ආකර්ශනය වැඩි කරගැනීම හා දුම්රිය දෙපාර්තුමේන්තුවේ ආදායම් ඉහළ යාම ගැනද සොයා බලන ලෙසත්   ඉල්ලා සිටිමි.

මෙම සාමාන්‍යාධිකාරීවරයා මෙන් නිලධාරින් සියලුම රාජ්‍ය ආයතනවල සිටින්නේ නම් ඔබතුමන්ගේ සංකල්පය වන ලස්සන රටක් පොහොසත් ජීවිතයක් සැබෑ ලෙසම ජනතාවට අත්කර දීමට හැකිවනු ඇති බවත් එසේ සෑම ආයතනයකම එවැනි නිලදාරින් නැති මුත් සිටින අවංක නිලධාරින් හෝ දේශපාලන හා පුද්ගලික උවමනාවන් වලින් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ සේවය ලබාගැනීමට ඔබතුමන් මූලිකත්වය ගතයුතු බවත් අවධාරණය කර සිටිමු.

ජනිත් ලංකාගේ 
ප්‍රධාන ලේකම්,
ශ්‍රීලංකා  නිදහස් දුම්රිය සේවක පෙරමුණ