කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට, තැඹිලියන ප්‍රදේශයේ බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
අද (02) උදෑසන සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 35 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්තපුරය දක්වා සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.
