Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දොඩංගොඩ ප්‍රා. සභාවේ සභාපතිවරයා ගමන් ගත් කැබ් රථය අනතුරකට ලක්වෙයි

1 year ago

දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලූෂ කවිරත්න ධාවනය කළ කැබ් රථය අද (02) උදෑසන ඉහළ කරන්නාගොඩ ප්‍රදේශයේදී අනතුරට පත් වී ඇති බව වරකාගොඩ පොලිසිය පවසනවා.

සභාපතිවරයා උදෑසන යම් කටයුත්තක් සඳහා වරකාගොඩ දෙස සිට ගමන් කරමින් සිටියදී ඉහළ කරන්නාගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය ආසන්නයේ වංගුවේ දී කැබ් රථය අඩි 30ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි වැලි ලොරියක වැදී කානුවට වැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ සභාපතිවරයා කැබ් රථය ධාවනය කරමින් සිට ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් සභාපතිවරයාට හානියක් සිදුවී නොමැති අතර, කැබ් රථයේ වම්පස ඉදිරි කොටස සහ ලොරි රථය වැඳීම හේතුවෙන් කැබ් රථයේ බඳ කොටසට හානි සිදුවී තිබෙනවා.

අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වරකාගොඩ පොලිසිය රථවාහන අංශ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.