Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්

1 year ago

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුර, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මෙලෙස ප්‍රබල අකුණු අනතුරු ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම, එම ප්‍රදේශවල සිටින ජනාතාවට ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර, උතුර, උතුරු මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමු පළාත්වලටත්, කුරුණෑගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකියි.