Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

පොලිස් නිළධාරීන් සඳහා වෙනම වැටුප් ව්‍යුහයක්

1 year ago

පොලිස් සේව‍ය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර 2026 අයවැයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඒ බව සඳහන් කළේය.

පොලිස් සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාරක සභාවේදී ඉදිරිපත් කළ විමසීම්වලට පිළිතුරු ලබා දෙමින් විජේපාල මහතා පැවසුවේ දැනට සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට ඔවුනට අවශ්‍ය පුහුණු වැඩසටහන් ලබාදීමට කටයුතු කරන බවයි.

විවිධ අකටයුතුකම් හා සම්බන්ධ බවට වාර්තා වන පොලිස් ස්ථානාධිපතිවරුන් හා ඇතැම් නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණ සිදු නොවන බවට චෝදනා එල්ල වන පොලිස් ස්ථාන පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.