මාතර, ගන්දර, කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි වැදීමෙන් තරුණයෙක් තුවාල ලබා ඇති බවයි සඳහන්.
පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් බවද පොලීසිය පැවසීය.
