Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාව ධුරයෙන් නෙරපයි

1 year ago

වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා මහතා පත් කර තිබෙනවා.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.

පසුගිය කාලයේ ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සැළකිල්ලට ගෙන ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේය.

ප්‍රේමසිරි රත්නායක මහතාව බෞද්ධ කටයුතු කොමසාරිස් ධූරයට පත්වුණේ 2024 වසරේ ජනවාරි මාසයේදීය.