Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පියා සමඟ හේනට ගිය හත් හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ වන අලි ප්‍රහාරය

1 year ago

හම්බන්තොට නාගරවැව සීනුක්කුගල ප්‍ර දේශයේ දි (03) උදේ සිදු වූ වල්අලි පහරදීමකින් හත් හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.

එමෙන්ම ඇයගේ පියාද වනඅලියාගේ පහර කෑම හේතුවෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර ඇත.

අද (03) පෙ.ව. 6.00 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර, දැරිය තම පියා සමඟ හේනට ගොස් සිටින අතරතුර මෙම සිදුවීම සිදුවී තිබේ.

පාසල් නිවාඩු දිනයක් වූ බැවින් දැරිය තම පියාට ගොවිතැන් කටයුතු සඳහා උදව් කරමින් සිටියදී වන අලියා දෙදෙනාටම පහර දී ඇති බව වාර්තා වේ.

‍වල් අලි පහරදිමට ලක් වු මෙම ප්‍රදේශ අලි කළමණාකරණ රක්ෂිත කලාපයට අයත් කොටසක් බව සඳහන්.