Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති ලේකම්ගේ මෝටර් රථය අනතුරකට ලක්වෙයි

1 year ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නිල මෝටර් රථය පැලවත්ත අකුරේගොඩ මාර්ගයේ ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී යතුරුපැදියක ගැටී අනතුරකට පත්ව තිබේ.

මේ අනතුර පසුගිය 02 වැනිදා සිදුව ඇති අතර අනතුරෙන් එකම පවුලේ පියා, මව හා වයස අවුරුදු 2 හා 6 යන වයසේ දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඔවුන්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

පසුව මව හා දරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවද පැවසේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම මෝටර් රථයේ ජනාධිපති ලේකම්වරයාගේ බිරිඳ හා රියැදුරු සිට ඇති අතර රියදුරු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රියැදුරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර ඇති අතර අනතුරට ලක්වූ පවුලට රුපියල් 35,000 ක වන්දියක් ගෙවන ලෙසද නියම කර තිබේ.