Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දැඩි ආරක්ෂා මැද හරක් කටා අධිකරණයට

1 year ago

2023 සැප්තැම්බර් 10 වැනිදා අමරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටිය දී ඉන් පළායාමට තැත් කි‍රීමේ සිද්ධිය සම්බන්ධ නඩුව සදහා නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා අද (05) කොළඹ මහාධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආවේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.

මීට අමතරව මෙම නඩුවේ සෙසු චූදිතයින් වන්නේ රවිදු සංදීප ගුණසේකර,ඇල්ලාලගොඩ මද්දුමගේ දිනේෂ් තරංග,රුවන් චාමර නොහොත් මිදිගම රුවන්,අබේසිංහ මුදියන්සේලාගේ සංජය අබේසිංහ යි.

ත්‍රස්තවාදය වැළෙක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රැදවුම් නියෝග මත රදවා සිටියදී මෙලෙස අත් අඩංගුවෙන් පළායාම සදහා කුමන්ත්‍රණය කර තිබුණා.