ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාගේ නිල රථය අවභාවිත කිරීම සම්බන්ධව විමර්ශනයක් සිදු කර සත්‍ය තොරතුරු රටට හෙළි කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව ජනතා පෙරමුණ විසින් පැමිණිල්ලක් භාර දී ඇතැයි වාර්තා වේ.
නව ජනතා පෙරමුණේ විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම මහතා සහ නව ජනතා වැඩිහිටි මිත්‍ර සංසදයේ සභාපති සුනිල් කුමාර මහතා එක්ව මෙම පැමිණිල්ල භාර දී තිබේ.
“මාධ්‍ය හා සමාජ මාධ්‍යවල අපි දැක්කා ජනාධිපති ලේකම් සනත් කුමානායකට අයත් සුඛෝපභෝගි නිල රථය අධික වේගයෙන් යමින් සිටිය දී පැලවත්ත අකුරේගොඩ හමුදා කඳවුර ඉදිරිපිට දී අනතුරකට ලක් වෙනවා. මෙම අනතුර සිදු වන වෙලාවේ නිල රථයේ ගමන් කරමින් ඉඳලා තියෙන්නේ ජනාධිපති ලේකම්තුමාගේ බිරිඳ බවට තොරතුරු ලැබිලා තියෙනවා.
එම අවස්ථාව්දී රථය පාරේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක ගැටීම හේතුවෙන් මව, පියා, අවුරුදු 2 හා 6 වයස්වල පසුවන දරුවන් දෙදෙනකු රෝහල් ගත කරලා තියෙනවා. අපට ලැබී තියෙන තොරතුරු අනුව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන් දෙදෙනා හා මව තවම ප්‍රතිකාර ලබමින් සිටින්නවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිලි කරමින් විමසා සිටින්නේ ජනාධිපති ලේකම්තුමාගේ නිල රථය තම බිරිඳ හෝ වෙනත් පාර්ශ්වයක් විසින් කොහොම ද මෙලෙස භාවිත කරන්නේ කියලා. මෙය රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක්. අපට ලැබී ඇති තොරතුරු අනුව ඔහුගේ බිරිඳ මෙම රථය යොදා ගෙන ඇත්තේ සාප්පු සවාරි යාම සඳහායි. පුනරුද ආණ්ඩුව පත්වුණේ කිසිම රාජ්‍ය දේපළක් අවභාවිත නොකරන බව ප්‍රකාශ කරමින්’’ යැයි නව ජනතා පෙරමුණේ විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම මහතා පැවසීය.
(source – aruna)
