නිවස තුළ සූදූපොළක් පවත්වාගෙන ගිය ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමඟි ජන බලවේග මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී ඔහු සමඟ සූදූ කෙළිමින් සිටි පුද්ගලයින් 14 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ සැකකාර මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේ දී දඩමස් කිලෝ 07ක් ද සොයාගැනුණු බවයි.
ඊයේ (04) දින මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (05) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
