මස්කෙළිය සාමිමලේ මාර්ගයේ බැනියන් පාලම අසල නිවසකට අද (6) කඩා වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි කම්කරුවන් මතට තවත් පස් කනදක් කඩා වැටීමෙන් පස් දෙනෙක් යට වී තිබෙනවා.
එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මෙම පස් කන්ද කඩා වැටුණු බවත්, එය ඉවත් කරමින් සිටියදී දහවල් 12:00ට පමණ තවත් පස් කන්දක් කඩා වැටී ඇත.
පසුව ප්‍රදේශවාසීන් මස්කෙළිය රෝහලේ වෛද්‍යවරුගේ සහයෝගය ඇතිව පස් කන්දට යට වී සිටි පුද්ගලයින් 5 දෙනා ගොඩට ගෙන මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
කෙසේ නමුත් රෝහල්ගත කළ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය පරික්ෂණ පවත්වනවා.
