Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩි වූ විදුලිබිල ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

1 year ago

රජය ඉතා හොඳ සූත්‍රයකට අනුව විදුලි බිල තීරණය කළ බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා

”පසුගිය ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා අඩුකිරීමට හැකියාව තිබුණනත් විදුලිබිල අඩු කළේ නෑ. නමුත් එහිදී ලාභයක් ලැබුවා බිලියන 41ක විතර. අන්න ඒ බිලියන 41 මේ අවුරුද්දේ ජනවාරි ජුනි විදුලිබිලට ජනතාවට දෙන්න ඕන කියලා තීරණය කළා. විදුලිබල අඩුවෙන්නේ ගිය අවුරුද්දේ සමාන්තර මාස 06 ලාභය මේ අවුරුද්දට ගලපන නිසා. ඉතින් ඊළඟ මාසවලට ගලපලා නෑ. පසුගිය වසරේ ජුනි මාසයේ විදුලිබිල 23%කින් අඩු කළා. ඒ නිසා අවසන් මාස 06 ලාභයක් ලබන්නේ නෑ. එතකොට ලාභයක් ගෙනල්ලා ගලපන්න නෑ.”