Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍ය වැඩවර්ජනය ගැන දැනුම්දීමක්

1 year ago

පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ග්‍රාමීය හා දිස්ත්‍රික් රෝහල් විශාල ප්‍රමාණයක් වැහිලා යාමට ලක්වෙමින් පවතින බවත් ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදීම අභියෝගයකට පත් වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍ය සේවයේ සහ ක්ෂේත්‍රයේ පවතින තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා ඇත්තේ මෙම ගැටලු සඳහා නිසා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවය.

වෛද්‍යවරුන් හා වෘත්තිය සමිති මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් පවත්වාගෙන යන අතර, පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිවයින පුරා ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමේ තීරණයක් ගත් බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම වර්ජනය එළඹෙන සඳුදා (11) උදෑසන 8ට ආරම්භ විය හැකි බවත්, හදිසි ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවත් ඔවුන් පවසති.