බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ (07) රාත්රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව එම වෙඩි තැබීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 5දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර අද පෙරවරුවේද එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.
මියගිය තරුණයා වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් T 56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්රිකට් තරගාවලියක සංවිධාන කටයුතු සිදුකරමින් සිටි පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
