Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චීන ජාතිකයෙකු වහාම මෙරටින් පිටුවහල් කෙරේ

1 year ago

චීන ජාතිකයෙකු අද (08) දින උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළ්වීමට තැත් කිරීමේදි ඔහුව හඳුනාගනිමින් ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

ඔහු පිලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ගුවන් යානයකින්, මොහු අද උදෑසන 9.45ට පමණ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.

ඔහු සංචාරක වීසා අනුකාණ්ඩයක් වන ව්‍යාපාරික කාණ්ඩය යටතේ වීසා ලබාගෙන මෙරට ක්‍රියාත්මක සමාගමක සේවය සඳහා පැමිණෙන බව කටුනායක ආගමන විගමන කවුළුව වෙත ප්‍රකාශ කර තිබුණද එහිදී තමන් දරන තනතුර පිළිබඳව පැහැදිලි සහා නිශ්චිත තොරතුරු ලබා දීමට අපොහොසත් වී තිබේ.