Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෝටි 50කට මැණිකක් විකුණන්න සැරසුණු පුංචි මන්ත්‍රී අත්අඩංගුවට

1 year ago

රුපියල් කෝටි 50ක වටිනාකමකින් යුත් බව පවසමින් බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අළෙවි කිරිමට පැමිණි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් තිදෙනා එම මැණික් ගල මිලදී ගන්නා අයට වාසනාව උදාවන බව පවසමින් එය රුපියල් කෝටි 50කට අළෙවි කිරීමට සූදානම්ව සිට ඇත.

පොලීසිය උපාය දූතයෙකු ලවා කේවල් කර එම මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා අඩු කර ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව එම උපාය දූතයා ලවාම සිදු කළ විශේෂ මෙහෙයුමකින් මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩවල සහ වත්තේගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40-50 වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයින් තිදෙනෙක්.