ගාල්ල ධීවර වරායේ නවත්වා තිබූ බෝට්ටු කිහිපයක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් බෝට්ටු 03ක් පමණ විනාශ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, නාවික හමුදාව, ගාල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය සහ ධීවර ප්‍රජාව එක්ව මේවන විට ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙන බවද පොලිසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
