Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දයා ලංකාපුරට හිමි වූ සභාපති ධූරය

1 year ago

ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ලෙස, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත්කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

1965 වසරේ ඇත්ත පුවත්පත හරහා පුවත්පත් කලාවේදියෙකු ලෙස පුවත්පත් කලාවට අවතීර්ණ වූ දයා ලංකාපුර මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්.

සිළුමිණ, දිවයින, දිනමිණ, රිවිර සහ ලක්බිම ඇතුලු පුවත්පත් රැසක සේවය කර ඇති ඔහු, අධිකරණ වාර්තාකරණය පිළිබඳ හසල අත්දැකීම් ඇති පුවත්පත් කලාවේදියෙක් වනවා.

ඔහු දිගුකාලීන පාර්ලිමේන්තු වාර්තාකරුවකු ලෙස ද කටයුතු කර තිබෙනවා.