පිලිපීනයේ පැවති ‘QUEEN OF INTERNATIONAL TOURISM 2025’ තරඟයේ කිරුළ දිනාගත් යොවුන් ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත අද උදෑසන දිවයිනට පැමිණියාය.
එහිදී ‘අන්තර්ජාතික සංචාරක රැජින’ යන ප්‍රධාන සම්මානය සමඟින්, ආදිත්‍යා වැලිවත්ත විශේෂ සම්මාන දෙකක් ද ලබාගෙන තිබේ. එනම්, හොඳම ජාතික ඇඳුම සහ වඩාත්ම පියකරු ලෙස ඡායාරුපවලට පෙනීසිටීම යි.
ඇයව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ නිළධාරීන් සහ පවුලේ ඥාතීන් සහ තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක මෙන්ම ජාතික පුහුණුකරුද වූ රුක්මල් සේනානායකද කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියා.
