දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම හුවමාරුව ආසන්නයේදී ලොරි රථයක් ආරක්ෂිත වැටක ගැටී අනතුරට පත් වී තිබෙනවා.
එම අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අදාළ ලොරි රථය ආරක්ෂිත වැටෙහි ගැටීමත් සමඟ ගිනි ගැනීමට ලක් වී ඇති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
